ගස් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම.

කොස්,දෙල් ,තල් වැනි සීමිත ගස් කැපීම සඳහා ඕනෑම කෙනෙකු විසින් බලපත්‍ර ලබා ගැනීම අත්‍යාවශ්‍යවේ.

සුදුසුකම්

කොස්,දෙල්,තල් ගස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් අවස්ථාවලදීය.
     උසාවිය මගින් තීන්දුව දුන් පසුව සංවර්ධන කටයුතු සඳහා ගස් ඉවත් කිරීමට සිදු වන අවස්ථාවල කෘෂිකර්මික සංවර්ධන  (මාර්ග         

සංවර්ධනය හෝ මාර්ග පළල් කිරීම විදුලි බලය සැපයීම වැනි අවස්ථා)
    ගෙයක් තනන අවස්ථාවකදී ගෙය සැලැස්මට මැදිවූ අවස්ථාවකදී
    ස්වභාවික හේතූන් මත කෘෂිකර්මික
    ගස් වලින් ජීවිත වලට හා දේපල වලට හානි සිදුවීමේ හේතුවෙන්.
    දිරාගිය ගස්.

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

    අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය.
    ග්‍රාම නිලධාරීතුමාගේ නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය.
    ඉඩමේ ඔප්පුව
    ඉඩමේ සැලැස්ම
    ගෙයි හා වෙනත් ගොඩනැගිලි පිළිබඳ සැලැස්ම
    වෙනත් අය සමඟ සම්බන්ධ ඉඩමක් නම් අනිත් හවුල් කරුවන්ගේ කැමැත්ත ග්‍රාම නිලධාරී විසින්        සනාථ කරන ලිපිය.
    උසාවියෙන් දෙන ලද තීන්දුවක් ඇත්නම් අදාල ලියකියවිලි.
    ප්‍රාදේශීය සභාව මගින් දෙන තීන්දුවක් ඇත්නම් අදාල ලියකියවිලි

ඉල්ලූම්පත භාර දීම

සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරීට භාර දිය යුතුය.  ඉන්පසු ග්‍රාම නිලධාරී විසින් එම ඉල්ලූම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දෙනු ලැබේ.
සැ.යු:සැ.යු:ඉල්ලූම් කරුගේ අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩමේ ගොඩනැගිලි හා නිවසේ, සැලැස්ම හා ඔප්පුව අවශ්‍ය වේ.  මේ ගස් වලට ගොඩනැගිලි වලට හා නිවසට වන කරදර තහවුරු කිරීම සදහා.


පියවරෙන් පියවර ක්‍රියාවලිය

පියවර 1: ඉල්ලූම්කරු විසින් ප්‍රාදේ්ශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම්පතක් ලබා ගත යුතුය.
පියවර  2: අවශ්‍ය කරන ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පතපරිපාලන ග්‍රාම නිලධාරයාට   භාර දිය යුතුය.
පියවර 3:පරිපාලන ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ප්‍රාදේශිය ලෙකම් කාර්යාලයවෙත බාරදිය යුතුය.

පියවර 4: ප්‍රාදේශීය ලේකම් තුමා හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් සත්වැනි පරික්ෂණය සිදුකල හැක.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ලේකම් විසින් ඉල්ලූම්පත අනුමත කල පසු අයදුම් කරන්නා හට බලපත්‍රයක් නිකුත්  කෙරේ.

           ගස් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම  PDF(364 MB )

 

 

 

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.

    සීමිත දැව(එබනි,කළු මැදිරිය,බුරුත,හුලංහික්,පලූ,සූරිය මාර,ගම් මාළු, හල්මිල්ල, මිල්ල, වෙලන්, පානක්ක, කුඹුක්, කොහොඹ, මී)  සීමිත දැව(එබනි,කළු මැදිරිය,බුරුත,හුලංහික්,පලූ,සූරිය මාර,ගම් මාළු, හල්මිල්ල, මිල්ල, වෙලන්, පානක්ක, කුඹුක්, කොහොඹ, මී)  ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සීමිත ගණයට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදේ.
    කොටස් ගාන ලද දැව,අලූත් ලී බඩු, ජනෙල් රාමු, ජනෙල් දොරවල්, දොර රාමු, දොරවල් වැනි  සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකිය.
    සීමිත වර්ග වලට අයත්  හල්මිල්ල හා  කොහොඹ යන වර්ග වලින් ගස් 2 කට නොවැඩි ගනනකින් ලබා ගත් කඳන් හෝ එම කඳන් වලින් ඉරන ලද දැව හෝ එම දැව වලින් සාදන ලද ජනෙල් රාමු, ජනෙල් දොරවල් දොර රාමු, දොර පියන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර  සිටින අවස්ථාවක අදාල ග්‍රාම නිලධාරීගේ  වාර්තාව ලබා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත්කල හැකිය.

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම-පියවරෙන් පියවර ක්‍රියාවලිය

පියවර 1: ඉල්ලූම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම සෑම අංශයකින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.

 

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

    දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ ග්‍රාම නිලධාරී සහතික කරන ලද ඡායා පිටපතක්
    දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්‍ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත
    දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය
    දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය
    පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.
    දැව කැපීම සඳහා ලබාගත් බලපත්‍රය (කොස්/දෙල්/තල්)

පියවර 2: ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලියවිලි සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත  පරිපාලන ග්‍රාම නිලධාරි වෙත බාර දීම.

පියවර 3:පරිපාලන ග්‍රාම නිලධාරී විසින් ලියකියවිලි සහිත ඉල්ලුම්පත සහතික කර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිම

පියවර 4: වන රක්ෂණ දෙපාර්ථමේන්තුවට යැවිය යුතු පිටපතක් නම්, ඉල්ලුම්පත හා අනෙකුත් ලියකියවිලි වන සංරක්ෂණ

            දෙපාර්තමේන්තුව වෙත යැවීම.

පියවර 5: ප්‍රදේශිය ලෙකම්ගේ අනුමැතිය හෝ වන රක්ෂණ දෙපාර්ථමේනතුවේ අනුමැතියෙන් පසු අදාල ගාස්තු අය කිරීම.

පියවර 7: බලපත්‍රය නිකුත් කිරිම



බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම

වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.

 

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමPDF(697KM)

 

නව උකස් ආයතනයක් ලියාපදිංචි කිරීම

නව උකස් ආයතනයක් ලියාපදිංචි කිරීම සදහා

1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල) .

2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.

    අයදුම්පත
    දිවුරුම් ප්‍රකාශය
    ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
    පසුගිය ශේෂපත්‍රය
    පසුගිය වසරේ උකස් බලපත්‍රයේ  පිටපත
    ආයතනයේ රක්ෂණ සහතිකය
    පොලිස් වාර්තාව
    ඇප තැන්පතුවට අදාළ ගිවිස්නාව

3. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම

   

4. බලපත්‍රය නිකුත් කිරීම.




 



   


ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා බලපත්‍ර ලබා ගැනීම.

1. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

2. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක් ඇතොත් ඉදිරිපත් කළ යුතුය.

3. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.

4. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව.

5. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්.

6. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.

7. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි,

    තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමඟ නොතාරිස් වරයෙකු/ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.

    බදු/කුලි ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යන්නේ නම් එකි ගිවිසුම ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්ථමෙන්තුවේ ලියාපදිංචි කල යුතු අතර නොතාරිස් වරයෙකු/ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපත හා ලියාපදිංචි පිටපත ඉදිරිපත් කල යුතු ය. ( ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමඟ සසඳා මුල් පිටපත ආපසු භාර දෙනු ලැබේ )

    ව්‍යාපාරික ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මූල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

    යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුවගෙ කැමැත්ත මත පමණක් පවත්වා ගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකි ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සඳහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක් ග්‍රාම නිලධාරී ඉදිරි පිට සහතික කරවාගෙන සහ එකි තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.

තනි පුද්ගලව්‍යාපාර නාම ලියාපදිංචියසඳහා බලපත්‍රය  PDF(520 MB )

 

වාහන ආදායම් බලපත්‍ර බලපත්‍ර ලබා ගැනීම.

 වාහන ආදායම් බලපත්‍ර  online  ලබා ගැනිම  PDF(280 KB)

Your text...

Your text...

{slider}

Your text...

News & Events

15
මැයි2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

30
අප්‍රේ2026

News & Events

Scroll To Top