අපගේ දැක්ම

කාර්යක්ෂම හා සඵලදායි රාජ්‍ය සේවාවක් තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මහජන සේවාවන් සැපයීම මගින් සහ මනා සම්පත් සම්බන්ධීකරණයෙන් හා ජනතා සහභාගීත්වයෙන් යුතු තිරසර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් මගින් කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම.

අගයන්

  1. ප්‍රියමනාප හා ආචාරශීලී ආයතනික පරිසරය.
  2. සේවාලාභී ප්‍රඥප්තියට අනුකූල වූ කාර්යක්ෂම මහජන සේවාව.
  3. සැමට සාධාරණත්වය හා සමානාත්මතාවය
  4. අඛණ්ඩත්වය හා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය.
  5. දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පිරිපුන් කාර්යය මණඩලය.

අරමුණු

  1. රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම.
  2. සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය මානව සහ භෞතික සම්පත් පූර්ණ උපයෝගීතාවයෙන් තිරසර සංවර්ධනයක් ලඟා කර ගැනීම.
  3. සමාජ අවධානයට ලක් වියයුතු අවදායම් ප්‍රජාව වෙනුවෙන් සුභ සාධන කටයුතු සැපයීම මගින් ජීවන තත්ත්වය උසස් කිරීම.
  4. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මූල්‍ය විනය පවත්වා ගනිමින් ප්‍රශස්ත සේවාවක් සැපයීම.
  5. නවීන තාක්ෂණය තුලින් කඩිනම් සේවාවක් ලබා දීම.

 

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබද තොරතුරු බිදක්

සිංහල රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමේදී රාජ්‍ය ප්‍රධානීන්ගේ ආරක්ෂිත ප්‍රදේශය ගම්පහ අවට   වු  බවට ඓතිහාසික සාධක පවති. එසේම කෝට්ටේ රාජධානි සමයේ ප්‍රධාන මුහුදු තොට වුයේ මීගමුව කලපුවයි. මේ නිසා මීගමුව හා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර දෙකක් බවට පත්ව තිබු බව පෙනේ.

පෘතුගීසි සමයේ දී කන්ද උඩරටට ගමන්ගන්නා මාර්ග මෙම දිස්ත්‍රික්කය හරහා වැටී තිබිමත් ලන්දේසී සමයේ දී කුරුදු රැස්කිරීම සිදුකල මධ්‍යස්ථානයක් බවට පත්වීමත් නිසා ගම්පහ  ප්‍රදේශයට වැදගත් තැනක් හිමිවිය.

ඉංග්‍රීසී පාලන සමයේ දී ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා ආර්ථිකයෙහි සුවිශේෂි  ප්‍රාදේශයක්  බවට පත්වුයේ සර් හෙන්රි වෝඩ් සමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සීමාවේ පිහිටි  අඹේපුස්ස නගරය දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කර තැනවීමත් සර් විලියම් ගෙගරි ආණ්ඩුකාර සමයේ ගම්පහ උද්භිද උද්‍යානය (මෙය දැනට මිනුවන්ගොඩ ප්‍රා.ලේ. කොට්ඨාශයට අයත්ය) මුල්කරගෙන රබර් වගාව ආරම්භ කිරීමත් නිසාය. මැනිං ආණ්ඩුකාරයාගේ සමයේ ගම්පහ නගරයට නාගරික උපාංග රාශියක් එකතු කල බවට සාධක ඇත.

මෙවන් පසුබිමක් තුල 1978 වර්ෂයේ දී කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත්ව තිබු ගම්පහ දිස්ත්‍රික්කය පරිපාලන  ප්‍රදේශය වෙනම දිස්ත්‍රික්කයක්  නිලවශයෙන් වෙන්කර, බල ප්‍රදේශය නීතිගත කර ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ද ගම්පහ නගරයේ පිහිටුවන ලදී. එමනිසා දිස්ත්‍රික්කයේ අගනුවර ගම්පහ නගරය වු හෙයින්, දිස්ත්‍රික්කයේ සියලුම කටයුතු ගම්පහ නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්මක් ආරම්භ විය.

ගම්පහ නගරය අවට ව.කි.මි. 97.5ක ප්‍රමාණය ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වශයෙන් හැදින්වේ. දිස්ත්‍රික්කයේ ප්‍රධාන ලේකම් කාර්යාලය හා අනෙකුත් බොහෝ රජයේ කාර්යාල සියල්ලක්ම පාහේ පිහිටුවා ඇත්තේ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුලය.

වාර්ෂික වර්ෂාපතනය වර්ෂයකට මිලි මීටර් 2500 ක් පමණ වන අතර, සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.9 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන්ම රතු කහ පොඩ්සොලික් පසින් යුතු මෙම භූමි ප්‍රදේශයෙහි අත්තනගලු ඔය හා ඌරුවල් ඔය ප්‍රධාන ජල මාර්ග වේ. ප්‍රධාන අමුණු සංඛ්‍යාව 6ක් වන අතර  මහා වාරිමාර්ග යටතේ ක්‍රියාත්මක වන කෙටවල හා මොරැන්න ව්‍යාපෘති ද විශේෂයෙන්ම සදහන් කල යුතුය. ජපන් ආධාර යටතේ මොරැන්න ව්‍යාපෘත්ය වැඩි දියුණු කොට ඇත. වී වගාව හෙක්ටයාර් 1955ක් ද රබර් අක්කර 1425ක් ද, අන්නාසී, කෙසෙල්, පළතුරු, එළවළු, බුලත්, අමතරව ද වගා කෙරේ. ග්‍රාමීය කර්මාන්ත අංශයේන් මැටි රන්රිදී, උළු ගඩොල්, අත්යන්ත්‍ර, පේෂකර්ම, වේවැල්, පොල් අශ්‍රිත කර්මාන්ත හා කළුගල් කැඩීම පවති. ලෝහ භාණ්ඩ සංස්ථාව වැනි මහා පරිමාණ කර්මාන්ත ශාලා මෙම බල  ප්‍රදේශය තුල පිහිටා ඇත.

ගම්පහ මුලික රෝහල්, යක්කල ආයුර්වේද  විශ්ව විද්‍යාලය හා ආයුර්වේද  රෝහල , මෙම ප්‍රදේශය තුල පිහිටි සෞඛ්‍ය ආයතන වේ. විශේෂයෙන්ම ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හි කාර්යාල 75  කේන්ද්‍රවී ඇත්තේ ගම්පහ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්පහ නගරය ආශ්‍රිතවය.

නගරයක් යනු ජනතාවගේ පරිපාලන සෞඛ්‍ය අධ්‍යාපන මූල්‍ය, අධිකරන, පොලිස්, සංස්කෘතික වැනි විවධ සේවාවන් ඉහළ මට්ටමින් සපයනු ලබන ප්‍රදේශයකි. ඒ අනුව හෙක්ටයාර් 25.8 ක භූමි ප්‍රදේශයක් තුල ව්‍යාප්තවී ඇති ගම්පහ නගරය යක්කල, මිරිස්වත්ත යන උප නගර සම්බන්ධිකරණය වෙම්න් ව්‍යාප්ත වී යනබව පෙනේ. විවිධ නව සේවා සපයන වාණිජමය න්‍යෂ්ටි ගොඩනැගීම හා (urban belts) නාගරික ඉදිකිරිම් පටි (මාර්ග දෙපස ගොඩනැගෙන එකකට එකක් සම්බන්ධවන සේවා සමාන ගොඩනැගීම ගම්පහ නගරය ආශ්‍රිතවද ගොඩ නැගෙමින් පැවැතීම විශේෂයෙන්ම දක්නට ලැබෙන්නකි.නාගරික සංවර්ධන අධිකාරිය මගින් සකස් කරන ලද කේන්ද්‍රායන දර්ශකය (Centraliy Indese) අනුව මීගමුව නගරයට වඩා ජන සංඛ්‍යාව අඩු වුවත් 95%ක් පමන සංවර්ධනය වෙම්න් පවත්න බව සදහන් කල යුත්තකි.

News & Events

15
මැයි2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

30
අප්‍රේ2026

News & Events

Scroll To Top