නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර 

👇  Development officer Gampaha Contact Details ගම්පහ සංවර්ධන නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමේ පිවිසුම

https://sites.google.com/view/gampaha-development-officers

👇  Graama Niladhari officer Gampaha Contact Details ගම්පහ ග්‍රාම නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමේ පිවිසුම

https://sites.google.com/view/gampahagramaniladhariofficers

👇Samurdhi  Niladhari officer Gampaha Contact Details ගම්පහ සමුුුුුද්ධි නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමේ පිවිසුම

https://sites.google.com/view/gampaha-samurdhi-niladhari-off/

QR code 

Screenshot 2026 02 23 220712

 

 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගම්පහ

 
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි සේවාවන් සම්බන්ධව තොරතුරු මාර්ග ගතව ප්‍රතිලාභීන් වෙත ලබාදීම සඳහා සකස් කරන ලද මෙම web දිගුව තුලින් කාර්යාලයට පැමිණීමකින් තොරව දාල ආකෘති පත්‍ර සහ ඒවාට අදාළ උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඇත

 

 

 

 

 

  • අයදුම්පත්‍ර බාගත කිරීම.

QR Code page 01QR Code page 02

QR Code page 03QR Code page 04

QR Code page 05

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නාගරික සිංහ සමාජය එක්ව රුක් රෝපණයත් ඩිජිටල් කරයි...

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ගම්පහෙන් හුස්මක්... ලෙසට විධිමත් රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ පලමු වැඩසටහන 2026/02/13 දින ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණි. නිදහස් දින සතිය වඩාත් අර්ථ ගන්වමින් සුපිරිසුදු පරිසරයක නිදහසේ පිරිසිදු වා බිඳක් ජනතාවට තිළිණ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම වැඩසටහනේදී එකම 2026/02/13 දින පෙරවරු 9.31 ට යෙදුන සුබ මොහොතින් එකම  අවස්ථාවකදී ගම්පහ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 30ක් තුළ රුක් රෝපන වැඩසටහන පැවැත්වීම සිදුවිය.

මෙම වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ගම්පහ නාගරික සිංහ සමාජය සහ ලියෝ සමාජයේ දායකත්වයෙන් "ගම්පහ තුරු " නමින් රුක් රෝපණ වැඩසටහන ඩිජිටල් කිරීමේ මෘදුකාංගය ද හඳුන්වා දීම සිදුවිය.

" ගම්පහෙන් හුස්මක් " මෘදුකාංගය

ගම්පහෙන් හුස්මක් මෘදුකාංගය තුළින් ශාකය පවතින ස්ථානය සිතියම්ගත කෙරෙනු ඇත. ඒ අනුව රෝපණය කරනු ලබන ශාකයන් පවතින්නේ කුමන ස්ථානයකද යන්න ඕනෑම අවස්ථාවක සොයා බැලිය හැකිය. එමෙන්ම ශාකය රෝපණය කරන අවස්ථාවේදී ඡායාරූපයක්ද මෙහිදී උඩුගත කෙරේ. නැවත මාසයක් හෝ මාස තුනක කාලයක් තුළ තත්කාලීනව ශාකය පවතින අයුරු නැවත ඡායාරූප මගින් උඩුගත කළ හැකිය. ඒ අනුව ශාකයේ වර්ධනීය අවස්ථාවන් මෙන්ම නඩත්තුවද හොඳින් නිරීක්ෂණය කර ගත හැකිවනු ඇත. සිටවන සෑම ශාකයක් සඳහාම එහි භාරකාරත්වය සඳහා නිලධාරියෙකු හෝ පුද්ගලයකු නම් කෙරෙන අතර එහි නඩත්තුවද ඔහු හෝ ඇය සතුවේ. මේ අනුව පෙනී යන්නේ රුක් රෝපණ වැඩසටහන් තුළ පවතින විශාලතම දුර්වලතාවයක් වූ නඩත්තුව සහ පසු විපරම සඳහා ක්‍රමවේදයක් නොමැතිවීමට හොඳම විසඳුමක් ලෙස මෙම මෘදුකාංගය හඳුන්වා දිමය.

මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ,සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරු බණ්ඩාර,1වන උපසිංහාධිපති සිංහ දිලුක මැදවත්ත, විද්‍යාලයේ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය , සහකාර අධ්‍යක රුවන් ප්‍රියදර්ශන, ගම්පහ නාගරික සිංහ සමාජයේ සභාපති සිංහ රාජිත අබේගුණසේකර, අධ්‍යක්ෂ සිංහ රවින්ද්‍ර ගනේගොඩ, ගම්පහ නාගරික කනිෂ්ඨ ලියෝ සමාජයහි සභාපති ලියෝ කිසර පසන්ජිත්, වෙබි අඩවිය නිර්මාණය කල ගම්පහ නාගරික කනිෂ්ඨ ලියෝ සමාජයේ සාමාජික ලියෝ විශ්ව ( ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ශිෂ්‍ය) ඇතුලු මහත්ම මහත්මීන් සහභාගී වූහ.

634462760 1226471182906697 7301839643212898749 n

633114035 1226471256240023 4770519842331839497 n

634341368 1226470969573385 2246817871396698906 n

634459599 1226471556239993 8602788385408190605 n

633961146 1226470892906726 2375817210806688059 n

 

 

 

 

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

2025 වර්ෂයේ පස්වන ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සැප්තැම්බර් 02 දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ මහතගේ සහ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති ලසිත් භාෂණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අද දින සම්බන්ධීකරණ කමිටුව පලාත් සභාවේ සභාපතිතුමන්,පලාත් පාලන ආයතන දෙකේ ප්‍රධානීන් වන නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතාගේ සහ ප්‍රදේශීය සභාවේ සභාපති සෙනරත් පීරිස් යන මහත්වරුන්ගේ සහ මන්ත්‍රීතුමන්ලාගේ සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ,පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

 

 

 

 

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

15
මැයි2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

30
අප්‍රේ2026

News & Events

Scroll To Top