ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නාගරික සිංහ සමාජය එක්ව රුක් රෝපණයත් ඩිජිටල් කරයි...
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ගම්පහෙන් හුස්මක්... ලෙසට විධිමත් රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ පලමු වැඩසටහන 2026/02/13 දින ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණි. නිදහස් දින සතිය වඩාත් අර්ථ ගන්වමින් සුපිරිසුදු පරිසරයක නිදහසේ පිරිසිදු වා බිඳක් ජනතාවට තිළිණ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහනේදී එකම 2026/02/13 දින පෙරවරු 9.31 ට යෙදුන සුබ මොහොතින් එකම අවස්ථාවකදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 30ක් තුළ රුක් රෝපන වැඩසටහන පැවැත්වීම සිදුවිය.
මෙම වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ගම්පහ නාගරික සිංහ සමාජය සහ ලියෝ සමාජයේ දායකත්වයෙන් "ගම්පහ තුරු " නමින් රුක් රෝපණ වැඩසටහන ඩිජිටල් කිරීමේ මෘදුකාංගය ද හඳුන්වා දීම සිදුවිය.
" ගම්පහෙන් හුස්මක් " මෘදුකාංගය
ගම්පහෙන් හුස්මක් මෘදුකාංගය තුළින් ශාකය පවතින ස්ථානය සිතියම්ගත කෙරෙනු ඇත. ඒ අනුව රෝපණය කරනු ලබන ශාකයන් පවතින්නේ කුමන ස්ථානයකද යන්න ඕනෑම අවස්ථාවක සොයා බැලිය හැකිය. එමෙන්ම ශාකය රෝපණය කරන අවස්ථාවේදී ඡායාරූපයක්ද මෙහිදී උඩුගත කෙරේ. නැවත මාසයක් හෝ මාස තුනක කාලයක් තුළ තත්කාලීනව ශාකය පවතින අයුරු නැවත ඡායාරූප මගින් උඩුගත කළ හැකිය. ඒ අනුව ශාකයේ වර්ධනීය අවස්ථාවන් මෙන්ම නඩත්තුවද හොඳින් නිරීක්ෂණය කර ගත හැකිවනු ඇත. සිටවන සෑම ශාකයක් සඳහාම එහි භාරකාරත්වය සඳහා නිලධාරියෙකු හෝ පුද්ගලයකු නම් කෙරෙන අතර එහි නඩත්තුවද ඔහු හෝ ඇය සතුවේ. මේ අනුව පෙනී යන්නේ රුක් රෝපණ වැඩසටහන් තුළ පවතින විශාලතම දුර්වලතාවයක් වූ නඩත්තුව සහ පසු විපරම සඳහා ක්‍රමවේදයක් නොමැතිවීමට හොඳම විසඳුමක් ලෙස මෙම මෘදුකාංගය හඳුන්වා දිමය.
මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ,සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරු බණ්ඩාර,1වන උපසිංහාධිපති සිංහ දිලුක මැදවත්ත, විද්‍යාලයේ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය , සහකාර අධ්‍යක රුවන් ප්‍රියදර්ශන, ගම්පහ නාගරික සිංහ සමාජයේ සභාපති සිංහ රාජිත අබේගුණසේකර, අධ්‍යක්ෂ සිංහ රවින්ද්‍ර ගනේගොඩ, ගම්පහ නාගරික කනිෂ්ඨ ලියෝ සමාජයහි සභාපති ලියෝ කිසර පසන්ජිත්, වෙබි අඩවිය නිර්මාණය කල ගම්පහ නාගරික කනිෂ්ඨ ලියෝ සමාජයේ සාමාජික ලියෝ විශ්ව ( ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ශිෂ්‍ය) ඇතුලු මහත්ම මහත්මීන් සහභාගී වූහ.


















