Clean Sri Lanka වැඩසටහන යටතේ මාර්තු 4 වන දින ගම්පහ නගරයේ පැරණි මිනුවන්ගොඩ පාර හා දුම්රියපල පිටුපස මගී ගුවන් පාලමේ කොටස් පවිත්‍ර කිරීම,තාප්පයේ අලවා තිබූ දැන්වීම් ඉවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ නගර සභාව, පොලීසිය, හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සිදු කරන ලදී. මේ අවස්ථාවට ප්රාදේශිය ලේකම්තුමිය, සහකාර ප්රාදේශිය ලේකම්තුමිය ,නියෝජ්ය සැලසුම් අධ්‍යක්‍ෂකතුමන් සහකාර සැලසුම් අධ්‍යක්‍ෂකතුමන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලදාරීන් සංවර්ධන නිලධාරීන් ක්ෂෙත්ර නිලධාරීන්,ගම්පහ පොලීසියේ නිලධාරීන්,මහ නගරසභාවෙි PHI මහතුන් ඇතුලූ පිරිසක් සහභාගී විය.
















